Home » ‘සින්දූර් මෙහෙයුම’ ලෝක ප්‍රජාවට දැනුම් දුන් හමුදා නිලධාරිනියන්ට ජාත්‍යන්තර අවධානය

‘සින්දූර් මෙහෙයුම’ ලෝක ප්‍රජාවට දැනුම් දුන් හමුදා නිලධාරිනියන්ට ජාත්‍යන්තර අවධානය

by mahesh
May 9, 2025 1:00 am 0 comment

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ ‘සින්දූර් මෙහෙයුම’ සම්බන්ධව ලෝක ප්‍රජාව දැනුම්වත් කිරීමට ඉන්දියාව එරට ගුවන් හා යුද හමුදාවේ ඉහළ නිලතල දරන කාන්තාවන් දෙදෙනකු තෝරාගැනීම ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කාන්තාවන් වැන්දඹුවන් බවට පත් කළ ජම්මු කාශ්මීරයේ පැහැල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට සිදු කළ එම මෙහෙයුම ‘සින්දූර්’ නමින් හඳුන්වනු ලැබුවේ එම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරිමේ අරමුණින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. හින්දු දහමට අනුව විවාහක කාන්තාවන් සිය නළල් තලයේ තබා ගන්නා තිලකය ‘සින්දූර්’ නමින් හඳුන්වනු ලබන අතර, මෙහෙයුමට එම නම තබනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ යෝජනාවක් අනුව බවත් වාර්තා වේ.

සින්දූර් මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරිම සඳහා විදේශ ලේකම් වික්‍රම් මිස්රිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර පැවැති එම මාධ්‍ය හමුවට යුද හමුදාවේ කර්නල් සොෆියා කුරේෂි සහ ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් වෝමිකා සිං තෝරාගැනීම එය සංකේතාත්මකව පෙන්නුම් කිරීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT