Home » ඩොලර් බිලියනයකට වැඩි මූල්‍යාධාර වසර තුනක දී ශ්‍රී ලංකාවට

ඩොලර් බිලියනයකට වැඩි මූල්‍යාධාර වසර තුනක දී ශ්‍රී ලංකාවට

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකාවේ රැකියා නිර්මාණයට සහාය වීම සහ පෞද්ගලික අංශයේ වර්ධනයට වසර තුනක් පුරා ඩොලර් බිලියනයකට වඩා වැඩි මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව සැලසුම් කර තිබේ. මේ පැකේජය රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ – බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය – ඉලක්ක කර ලබාදීමට නියමිත අතර ආර්ථික අවස්ථා පුළුල් කිරීම, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනයට සහාය වීම සඳහා පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම ඒ අතර වෙයි.

දශක දෙකකට පසු බැංකු සභාපතිවරයකුගේ පළමු සංචාරය සනිටුහන් කරමින් සහ රටේ ආර්ථික ප්‍රකෘතිය හා අනාගතය සඳහා නව කැපවීමක් සංඥා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහත්වරුන් අතර ශ්‍රී ලංකාවේ පැවති හමුවකින් පසුව ඒ බව ප්‍රකාශ කර තිබෙන අතර “ලෝක බැංකු සමූහයේ මේ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ආයෝජනයක්,” යැයි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“එය රැකියා නිර්මාණය කිරීමට, කුඩා ව්‍යාපාරවලට සහාය වීමට සහ රටපුරා නව අවස්ථා විවෘත කිරීමට උපකාරී වන අතර මේ හවුල්කාරිත්වය අපගේ ප්‍රජාවන් සඳහා සැබෑ වෙනසක් ලබාදෙන බව සහතික කිරීමට අපි කැපවී සිටිනවා” යැයි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ගොඩනැඟීම සඳහා දැන් ක්‍රියාකිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

Òමෙය ශ්‍රී ලංකාවට අවස්ථාවක්,Ó ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා පැවසීය. Òආර්ථිකය ස්ථාවර කිරීම සහ වර්ධනය නැවත ආරම්භ කිරීමට ප්‍රගතියක් සිදුවෙමින් පවතින අතර, රැකියා නිර්මාණයට මූලික අංග ක්‍රියාත්මක වේ. ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට සහ පෞද්ගලික ව්‍යවසාය සමෘද්ධිමත් වීමට කොන්දේසි නිර්මාණය කිරීමට දැන් කාලයයි – මහ පරිමාණයෙන් රැකියා නිර්මාණය කළ හැකි අංශවලÓ යැයි ද පැවසීය.

ලෝක බැංකුවේ මූල්‍යකරණය, දැනුම සහ පෞද්ගලික අංශයේ මෙවලම් එකට ගෙන එන මේ ඒකාබද්ධ ප්‍රවේශය, සෑම අදියරකදීම ආර්ථික වර්ධනයට සහ රැකියා නිර්මාණයට සහාය වීමට ආයතනයට ඇති අද්විතීය හැකියාව පිළිබඳ සංයුක්ත උදාහරණයකි. රැකියා උත්පාදන අංශවලට සහාය වීම සහ පෞද්ගලික ආයෝජන සක්‍රිය කිරීම කෙරෙහි බැංකුවේ අවධානය එය පිළිබිඹු කරයි. ලෝක බැංකු සමූහය වසර 70කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ විශ්වාසදායක හවුල්කරුවෙකු වී ඇති අතර, වත්මන් ආයෝජන ඩොලර් බිලියන 2.2 ඉක්මවයි. පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීම සහ රට වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා යන මාවතට සහාය වීමට ලෝක බැංකුව අවධානය යොමු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT