Home » දහම් පාසල් සිසුන් 2500කට පාසල් උපකරණ

දහම් පාසල් සිසුන් 2500කට පාසල් උපකරණ

by mahesh
May 9, 2025 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

දෙල්තොට හා මාරස්සන ශාසනාරක්ෂක බල මණ්ඩල බල ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2500කට පොත්පත් ඇතුළු අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීම මැලේසියාවේ සෙන්තුල් විහාරාධිපති බූටාවත්තේ සරණංකර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාරස්සන ජාතික පාසල් පරිශ්‍රයේදී සිදු කෙරුණි.

මැලේසියාවේ මහා තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයන් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබිණි. හන්තාන ජත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පණ්ඩිත උඩවත්තේ විමලබුද්ධි හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 500 නමක් විෂයෙහි ගිලන්පස පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

මේ ආත්මයේදී ලබන දැනුම ඔස්සේ ජීවිතයට එකතු කර ගන්නා පුරුදු හැරුණු කොට දැනුම මතු ආත්මයට රැගෙන යා නොහැකි බවත් මේ නිසා දහම් අධ්‍යාපනය මඟින් ලබන දැනුම භාවිතයට යොදා ගනිමින් ජීවිතයට බද්ධ කර ගැනීම වැදගත් බවත් බූටාවත්තේ සරණංකර නාහිමියෝ පැවසූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT