Home » ආංශික අධීක්ෂණ කාරක සභා හයකට මන්ත්‍රීවරු පත් කරති

ආංශික අධීක්ෂණ කාරක සභා හයකට මන්ත්‍රීවරු පත් කරති

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව මඟින් නම් කළ මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (08) නිවේදනය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරුන් තිදෙනකු, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් තිදෙනකු ආදි වශයෙන් පත් කිරීම් සිදු කර ඇත.

ඒ අනුව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය, නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය, කන්දසාමි ප්‍රභු මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙණෙවිය පත් කර ඇත.

එමෙන්ම යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා මංජුල සුරවීර ආරච්චි මහතා, කේ. ඉලංකුමාරන් මහතා, රවීන්ද්‍ර බණ්ඩාර මහතා, ධනුෂ්ක රංගනාත් මහතා, අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා, නීතිඥ ගීතා හේරත් මහත්මිය පත් කර ඇත.

එමෙන් අධ්‍යාපනය, ශ්‍රම බළකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා අබූබකර් අතම්බාවා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙණෙවිය, නිලූෂා ලක්මාලි ගමගේ, සුගත් වසන්ත ද සිල්වා, සුජීව දිසානායක, සංජීව රණසිංහ, සුනිල් රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා මුනීර් මුලාෆර්, (වෛද්‍ය) නිහාල් අබේසිංහ, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, ජගත් මනුවර්ණ, රුවන් මාපලගම යන මන්ත්‍රීවරුන් පත් කර ඇත.

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා රොෂාන් අක්මීමන, උපුල් කිත්සිරි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, සුසන්ත කුමාර නවරත්න, සුදත් බලගල්ල, කිට්නන් සෙල්වරාජ්, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන පිරිස පත් කර ඇත.

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා චතුරංග අබේසිංහ, අර්කම් ඉල්යාස්, ලසිත් භාෂණ ගමගේ, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ, (වෛද්‍ය) ජනක සේනාරත්න, චන්දිම හෙට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් පත් කර ඇත.

එසේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත සමරසිංහ, සුන්දරලිංගම් ප්‍රදීප් සහ අබූබකර් අතම්බාවා යන මහත්වරුන් ද තේරීම් කාරක සභාව මඟින් නම් කරන ලද බව ද කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මීට අමතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබූබකර් අතම්බාවා, අර්කම් ඉල්යාස් සහ මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා ද තේරීම් කාරක සභාව මඟින් නම් කරන ලද බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT