Home » ඉන්දියානු කලාපයේ දේශපාලන ගැටුම්වලට මැදිහත් වෙන්නේ නෑ

ඉන්දියානු කලාපයේ දේශපාලන ගැටුම්වලට මැදිහත් වෙන්නේ නෑ

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ඉන්දියානු සාගරයේ භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එම නිසා ස්වෛරීයභාවය ආරක්ෂා කරගනිමින් නොබැදිපිළිවෙත අනුව කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

ඒ වගේම කොයිම ආකාරයකටවත් පැනනඟින ත්‍රස්තවාදය අනුමත කරන්නෙත්, අනුබල දෙන්නෙත් නැති බව පැවැසූ ඇමැතිවරයා ත්‍රස්වාදය වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදි ලබාදිය හැකි සහාය ඕනෑම තැනකට ලබා දෙන්න සූදානම් බවත් කියා සිටියේය. රටකට විරුද්ධව කටයුතු කිරීමට මෙරට භූමිය, ජල තීරය හෝ ගුවන් සීමා පාවිච්චි කිරීමට නොදෙන ස්ථාවරයේ ඉන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“අපට වැදගත් වෙන්නේ කලාපයේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව සහ කලාපයේ සාමය. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් වර්ධනය වෙන තත්ත්වයන් අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ආණ්ඩුවේ ස්ථාවරය විටින්විට ප්‍රකාශයට පත් කරනවා.

වර්ධනය වෙන තත්ත්වයන් අනුව මේ යුදමය ගැටුම දකුණු ආසියාවේ දේශපාලන සහ ඉන්දියානු සාගරය ආර්ථිකයට කෙසේ බලපෑමක් ඇති වේද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂා කරමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ලෝකයේ අපිට තවත් බලපාන ආර්ථික මතුවෙමින් පවතිනවා. ඒ සියල්ල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් ඉන්නවා.

කලාපීය රාජ්‍යයන් හැටියට ඉන්දියාවත්, පකිස්ථානයත් අපිට විටින්විට උදව් කරනවා වගේම අනාගතයේත් උදව් කිරීමට නියමිතයි. රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වාගෙන යනවා. සමහර ප්‍රශ්න ඒ අය විසඳාගතයුතු ප්‍රශ්න. කොයියම් පැත්තකින් ආවත් ත්‍රස්තවාදයට අනුබල ලබාදෙන්නේ නැහැ. අපේ මැදිහත්වීම තිබෙන්නේ යුද ගැටුම් අවම කරමින් කලාපයේ සාමය ආරක්ෂා කරගන්න සහ ත්‍රස්තවාදය මැඬලීම වෙනුවෙන් කටයුතු කිරීමටයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT