7
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂය සම්පූර්ණයෙන්ම සේදී ගොස් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සැප්තැම්බර්, ඔක්තෝබර් වනවිට ජනාධිපති වෙන්න හීන මවන බව කී ඒ මහතා සභා 339කින් 15ක්-20ක් දිනාගන්න බැරි පක්ෂයකින් ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්දැයි ප්‍රශ්න කර සිටියේය.
සභා 339න්ම සභා 05ක් දිනාගන්න බැරි රනිල් වික්‍රමසිංහට ජනාධිපති හීනයක් හිතන්නවත් පුළුවන්ද? පැහැදිලිවම මේක පේනවා විපක්ෂය හේදිලා ගිහින් තියෙන්නේ. ආයෙ ඉඩක් නෑ. එකම දේ තියෙන්නෙ අර ජනාධිපතිතුමා කිවුවා වගේ අභියෝගය තියෙන්නේ අප තුළම යැයිද හෙතෙම කියා සිටියේය.