කොළඹ ප්‍රධාන දෙමළ කාන්තා විද්‍යාලයක සිසුවියකගේ සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් අදාළ අංශ අවධානය යොමු කළ යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අදාළ දැරියගේ පාර්ශ්වයට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සිටින බව ප්‍රකාශ කරමින් මනෝ ගනේෂන් මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා මෙසේද පැවසීය.
මෙම සිදුවීමට අදාළව ඊයේ දිනයේදී බම්බලපිටිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවතුණා.
කොළඹ ජනප්‍රිය පාසල් සිසුවියකට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් දෙමාපියන් දේශපාලනික නොවන විරෝධතාවල නිරතව සිටිනවා. විරෝධතාකරුවන් සන්නද්ධ සටන්කරුවන් හෝ කැරලිකරුවන් නොවෙයි. අසාධාරණය හෙළා දැකීමට පැමිණි අයයි. පොලීසිය ඔවුන්ට ජල ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා. මේක වැරදියි.
මෙම 15 හැවිරිදි සිසුවියට සිදු වූ ලිංගික අපයෝජනය සහ හිරිහැර සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කර තිබෙනවා.පොලිස් පරීක්ෂණයක් පවත්වා ගුරුවරයකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබෙනවා.
මෙම තත්ත්වය තුළ, අදාළ සිසුවියගේ දෙමාපියන් තම දියණිය එම පාසලෙන් ඉවත් කර උතුරු කොළඹ පාසලකට ඇතුළත් කර තිබෙනවා. සිද්ධියෙන් මාසයකට පසු, ප්‍රදේශයේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අයකු බොහෝ දෙනෙකු ඉදිරියේ සිසුවියට අවමන් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, එම සිසුවිය දැඩි මානසික පීඩාවකට ලක් වූ අතර, ඇය තම මහල් නිවාසයේ හත්වන මහලෙන් පැන සියදිවි නසා ගෙන තිබෙනවා.
එබැවින්, සිසුවියට සිදු වූ මෙම අසාධාරණය පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්වීම සඳහා රජය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පත් කළ යුතුය.