Home » මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථවල ආනයන බද්ද අඩු කරන්න

මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථවල ආනයන බද්ද අඩු කරන්න

by mahesh
May 9, 2025 1:00 am 0 comment

මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ වැනි පුංචි මිනිසුන්ගේ වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බද්ධ අඩු කරන ලෙස යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැවති විවාදයේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම පැවසීය.

වාහනයක් මිලදී ගැනීමට හැකියාව තිබෙන පිරිසට පළමු අදියරේදී වාහන ආනයනය කිරීමට ඉඩ ලැබෙනවා. ඒ අනුව මෙම ක්‍රමවේදයට අනුගත වන පිරිසක් ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. ඊට පිළිතුරු ලබා දෙමින් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා-

මේ ආදායම උපයන ආකාරයට ලක්ෂරි වාහනවලින් ගන්න එක වටිනවා. මේ කාල පරිච්ඡේදය තුළ මෝටර් බයික් එකක් ලක්ෂ 05 සිට ලක්ෂ 10ට වැඩි වෙලා. ත්‍රීවීල් එකක් ලක්ෂ 12 සිට ලක්ෂ 20ට වැඩි වෙලා. ඇල්ටෝ කාර් එකක් ලක්ෂ 40 සිට ලක්ෂ 75ට වැඩි වෙලා. ඒක සාධාරණ නෑ. ඒ නිසා පුංචි මිනිස්සුන්ගේ වාහනවල බද්ධ අඩු කරන එක සාධාරණයි කියලා අපි යෝජනා කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT