Home » ආණ්ඩුව ජනතා අභිලාෂ කියවාගත යුතුයි

ආණ්ඩුව ජනතා අභිලාෂ කියවාගත යුතුයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵලය ගැන බරපතළ ලෙස සිතමින් ජනතා අභිලාෂය කියවා ගැනීමට ආණ්ඩුව උත්සාහගත යුතු බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

අපි තරග කළ පළාත් පාලන ආයතන තුළ සියයට 4ක මැතිවරණ ප්‍රතිඵලයක් ජනතාව අපට ලබා දී තිබෙනවා. එය අපේ ඓතිහාසික ජයක්. ජනතා අභිලාෂය කියවා ගැනීමට ජාතික ජන බලවේගය උත්සාහ ගන්න ඕනෑ. මේ මැතිවරණ ප්‍රතිඵලය ගැන ආණ්ඩුව බරපතළ ලෙස හිතන්න ඕනෑ. මේ රටේ සිටින්නේ මෝඩ මිනිස්සු කියලා ආණ්ඩුව හිතනවා. ආණ්ඩුව කියන බොරුවලට ජනතාව රැවටෙනවා කියලා හිතන්න එපා. රටේ අහිංසක ජනතාව ලබා දී තිබෙන පණිවුඩය ආණ්ඩුව තේරුම් ගෙන ආණ්ඩුකරණයට වත්මන් පාලකයන් උත්සාහ ගන්න ඕනෑ. අවලාද දේශපාලනය අවසන් කර බලය භාවිත කර සැබෑ අර්බුදයන් ගැන ජනතාව සමඟ සංවාදයකට යන්න. බොරුවට ආගමික කටයුතු පවත්වා සත්‍ය වසන් කරන්න එපා. රටේ අත්‍යවශ්‍යම වෙනස වන්නේ ඇත්ත කතා කරන සමාජයක් නිර්මාණය කිරීම. අලුතින් ආර්ථිකයක් සොයන්න ඕනෑ. අලුතින් ආදායම් ලබන්න ඕනෑ. ලැබෙන ආදායම හා වියදම පාලනය කරන්න ඕනෑ. ඍණාත්මක මානසිකත්වයෙන් කටයුතු කරන ව්‍යාජ සංවාදයන් සිදු කරන සමාජ මාධ්‍ය වෙනස් කරලා සිටින තැනින් ඉදිරියට යන්න අපි කටයුතු කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT