Home » ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම 2025 වසරේදී ශ්‍රී ලංකාව උපයා ගන්නවා

ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම 2025 වසරේදී ශ්‍රී ලංකාව උපයා ගන්නවා

by mahesh
May 9, 2025 1:00 am 0 comment

ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආදායම 2025 වසරේදී ශ්‍රී ලංකාව උපයා ගන්නා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

රේගු ආඥා පනතේ විධිවිධාන යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

අමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් වන ගැටලුව විසඳා ගැනීම සඳහා වන මීළඟ වටයේ සාකච්ඡාවට කැබිනට් අනුමැතිය ගැනීමට සැලසුම් කරනවා.

තහනම ඉවත් කරනවාත් සමඟ ආනයනයට පනවා තිබූ තීරු බද්ද වන සියයට 20ක ප්‍රතිශතය සියයට 30 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඊට හේතුව වන්නේ වසර ගණනාවක් තිස්සේ රටට වාහන ආනයනය තහනම නිසා එක්වර වාහන අතිවිශාල සංඛ්‍යාවක් රටට ඇතුළු වීම වැළැක්වීමට මේ තීරණය ආණ්ඩුව ගත්තා. එමඟින් සංචිතවලට සිදු වන බලපෑම, විදේශ විනිමය ගැටලු වැළැක්වීම යනාදී කරුණු රැසක් පදනම් කරගෙන සියයට 30 ප්‍රතිශතය තීරණය කළා.

අමෙරිකානු ඩොලර් බිලියන 1ක් ඉදිරි වර්ෂය සඳහා ලෝක බැංකුව මඟින් ආධාර ලබාදීමට එකඟතාව පළ කර තිබනෙවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ මේ දක්වා තිබූ සමාලෝචනයන් පසුගිය දින කිහිපයේදී අවසන් කරන්නට යෙදුණු අතර ජූනි මස අවසන් වන විට අදාළ අනුමැතියන් ලබාගෙන මීළඟට තිබෙන ණය වාරික අදාළ කාල සීමාවන් තුළ ගැනීමට අපේක්ෂා කරනවා. මෙය මුදල්වලට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. යහ ආණ්ඩුකරණය ඉදිරියට ගෙනයෑමට ද අපි කටයුතු කරනවා. මෙරට රාජ්‍ය ආයතන මිලදී ගැනීම් රුපියල් බිලියන 1කට වඩා වැඩි මිලදී ගැනීම් තිබේ නම් එවැනි අවස්ථාවකදී ටෙන්ඩර් පටිපාටියට සහභාගි වූ අයට ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය විනිවිද භාවයකින් යුක්ත ක්‍රමවේදයක් තිබිය යුතුයි කියලා. මේ දක්වා එම ක්‍රමවේදය රට තුළ තිබුණේ නැහැ. වර්තමාන ආණ්ඩුව එය ක්‍රියාවට නංවා මේ වන විට ලෝකයේ ඕනෑම පුරවැසියකුට බැලිය හැකි ලෙස ඒ තොරතුරු ආයතන 10ක් පදනම් කරගෙන පළමු අදියර යටතේ ක්‍රියාවට නංවා තිබෙනවා. ඉදිරියේදී සියලුම ආයතනවලට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT