Home » ඡන්ද පෙට්ටි ආයෙත් ගබඩාවට

ඡන්ද පෙට්ටි ආයෙත් ගබඩාවට

by mahesh
May 9, 2025 1:00 am 0 comment

පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ

ඡන්දය සඳහා එළියට ගිය ඡන්ද පෙට්ට් නැවත රැගෙන ඒමෙන් පසු එය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් ගබඩාවේ අසුරනු ලැබූ අයුරු මෙලෙස කැමරාවේ සටහන් විය.

පළාත් පාලන ජන්දය අවසන් වීමත් සමඟ ඡන්දය සඳහා යොදා ගත් ලී පෙට්ටි, කාඩ්බෝඩ්වලින් සැකසූ පෙට්ටි හා අනිකුත් ලිපි ද්‍රව්‍ය ඇතුළු දෑ සියල්ල නැවත පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගබඩාවේ තැන්පත් කිරීම පෙරේදා (07) සිදු කළ බව පුත්තලම තේරීම් භාර නිලධාරි එච්.එම්.එස්.පී. හේරත් මහතා පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 484ක් වෙත රැගෙන ගිය ජන්ද පෙට්ටි හා අනිකුත් ලිපි ද්‍රව්‍ය එලෙස නැවත ගබඩාවේ තැන්පත් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT