පාණදුර බෞද්ධ පුරවරයේ අභිමානය ලොවට කියාපාමින් 2024 වර්ෂයේ ලොව විශාලතම තොරණ ඉදිකරමින් ගිනස් වාර්තා අතරට ගිය පාණදුර වෙසක් මහා තොරණ 2025 වර්ෂයේද ගිනස් වාර්තා අතරට යන්නට සූදානමින් සිටින බව පාණදුර එක්සත් පොදු වෙළෙඳ බෞද්ධ සමිතියේ සභාපති මහේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙවර තොරණ අඩි 92ක් පළලින් සහ අඩි 82ක් උසකින් ඉදි කරන බවත්, එක්වරම තොරණ කඩා වැටෙන අයුරින් දිස්වී පරිවාර පහන් කූඩු 32කින් සමන්විත වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් කෙරෙන බව ද ඒ මහතා පවසයි.
මෙවර තොරණ 69 වන වරට ඉදිකරන අතර, ගුත්තිල ජාතක කතා වස්තුව තොරණින් විදහා දැක්වේ.
පාණදුර නගර මධ්‍යයේ ඉදිවන තොරණ මැයි 12 දින සිට දින 10ක් ප්‍රදර්ශනය කරන බව ද පැවසේ.
බැතිමතුන්ට තොරණ අසලටම ගොස් බුද්ධ ප්‍රතිමාවට මල් පහන් පූජා කිරීමේ අවස්ථාව සැලසෙන බවත්, දෙවිවරු දොළොස් දෙනෙකු තොරණට මල් ඉසින දර්ශනද එහිදී දැකගත හැකිවන බවත් සඳහන් වේ.
විදුලි ආලෝකකරණය පිළිබඳ අදහස් දැක්වූ විදුලි ශිල්පී සචින් ලක්ෂාන් මහතා සඳහන් කළේ, විදුලි බුබුළු එක් ලක්ෂ හැත්තෑ දහසක් එක්කර ඇති බවත්, විනාඩි 20ක පමණ කාලයක් අඛණ්ඩව විවිධ විදුලි රටා මවමින් දිස්වන බවයි. බුද්ධ ප්‍රතිමා රැස් වළල්ල විදුලි රටා 200කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන බව ද ඒ මහතා පවසා සිටියේය.
චිත්‍ර නිර්මාණ පිළිබඳ අදහස් දැක්වූ රටම කතා කරන චිත්‍ර ශිල්පී සසිත චතුරංග මහතා සඳහන් කළේ ඇක්‍රිලික් මාධ්‍යයෙන් වර්ණ 200කට අධික ප්‍රමාණයක් උපයෝගී කරගත් බවත්, මාස අටකට ආසන්න කාලයක් චිත්‍ර නිර්මාණය සඳහා ගතවූ බවත්ය.