මිනිපේ මහගොවි ජනපදයේ කිඳිගොඩ, ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මෙම ගම්මානයේ ගොවි පවුල් 268ක දහසකට අධික ජනතාවක් පදිංචිව සිටිති. විශාල භූමි ප්‍රදේශයක් වන මෙම වසමේ පදිංචිකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අභ්‍යන්තර මාර්ග කිහිපයක් ඇති අතර වෙල්යාය මැදින් ඉදිවී ඇති වෙල මැද පාර ඒ අතර විශේෂත්වයක් ගනු ලබයි. එයට හේතුව ගමේ සිට හසලක – හෙට්ටිපොළ ප්‍රධාන මාර්ගයට පැමිණීමට ඇති කෙටිම මාර්ගය වන නිසාවෙනි.
පාසල් දරුවන් ඇතුළු ගොවි ජනතාවගේ දෛනික ගමනාගමනයට බාධා එල්ල වී පවතින උඩවෙල, කිඹුලාඇළ වෙල මැද පාරේ පවතින අබලන් තත්ත්වයට වහා පිළියම් යොදන්නැයි එම ගම්වාසීහු අදාළ අංශ වෙත ඉල්ලීම් කරති.
ජේ.ඒ. සුරවීර මහතා,
“වසමේ පදිංචි නොවුණත් ගොවි ජනපදයේ කුඹුරු ඉඩම් හිමි බොහෝ පිරිසක් මෙම වෙල මැද පාර සිය දෛනික අවශ්‍යතා සඳහා භාවිතයට ගනු ලබනවා. වසමේ පහළ කෙළවරේ පදිංචිකරුවන්ගේ සහ ගම මැද පදිංචිකරුවන්ගේ දූදරුවන් ප්‍රදේශයේ පාසල් කරා ගමන් ගනු ලබන්නේ ද මෙම වෙල් යාය මැදින් ඉදිවී ඇති මාර්ගය ඔස්සේයි. යෝධ ඇළට ඉහළ ගම්වල පදිංචිකරුවන්ගේ කුඹුරු පිහිටා ඇත්තේ ද මේ කොටසේයි. ඒ නිසා එම ගොවි ජනතාවගේ සියලුම කටයුතු සඳහා විශේෂයෙන් කුඹුරු වැඩ කරන කාලයට මෙන්ම අස්වනු නෙළන කාලයට මෙම ප්‍රදේශයට දෛනිකව පා ගමනින් හෝ වාහනවලින් ඔවුන් ගමන් කරනවා. පාරේ පවතින අබලන් තත්ත්වය නිසා මොවුන්ගේ එම ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.”
පහළ මීගොල්ල ගමේ ඩබ්ලිව්.එම්. සමන් විජේතුංග,
“මේ වෙල මැද පාරේ තිබෙන ජල මාර්ගයක් හරහා යොදා ඇති බෝක්කුව ඉහළ වෙල් යායෙන් පහතට එන ජලය වර්ෂා කාලයට එම ජලය මාර්ගයේ බෝක්කුවෙන් යෑමට නොහැකි වෙන නිසා ජලය බෝක්කුවට උඩින් පහළට ගලා යනවා. එම අවස්ථාවල මේ පාරේ ගමන් කිරීම අපහසුයි. විශේෂයෙන් පාවහන් පැලඳ යන එන දූදරුවන් මෙහිදී දැඩි අපහසුතාවකට පත්වෙනවා. ඒ අවස්ථාවල වාහන ගමනාගමනයටත් බාධා එල්ල වෙනවා. එසේම පාරේ ස්ථාන කිහිපයකටම අවශ්‍ය බෝක්කු යොදා නොමැති නිසා එම ස්ථානවලින් ද ගමන් කිරීමේදී ගොවියන් පාසල් දරුවන් විවිධ අපහසුතාවන්ට මුහුණපානවා. එම නිසා අපේ ඉල්ලීම වන්නේ මේ පාරේ තිබෙන ඇළ කඳුර හරහා ඉදිකර ඇති බෝක්කුව ඇළේ එන ජලය බැස යෑමට සරිලන අයුරින් උස් කර එම පාර කුඹුරු යායට වඩා උස් මට්ටමට පස් පුරවා සැකසීමට හා පාර හරහා බෝක්කු නොමැතිව ජලය ගලා යන ස්ථානවලට අවශ්‍ය බෝක්කු කිහිපයක් යෙදීම තුළින් ගොවියන් පාසල් දරුවන් පත්ව සිටින මේ අපහසුතාවයෙන් මුදා ගන්නට හැකි වෙනවා.”

ජලය උතුරා යන බෝක්කුව