Home » නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

by mahesh
May 9, 2025 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

කළුතර දකුණ දුම්රියපොළ පාරේ පිහිටි නීතිඥ කාර්යාලයක මේසය මතවූ නීතිඥවරියකට අයත් රුපියල් 1,60,000ක් වටිනා ලැප්ටොප් පරිගණකයක් හා රුපියල් 35000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු කළුතර, පොලීසිය පරීක්ෂණ පවත්වයි.

කළුතර කලමුල්ලේ පදිංචි නීතිඥ රාජපක්ෂලාගේ අනුරුද්ධිකා කෞෂලී සමරසේකර යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තමා ඉකුත් 07 වැනිදා උදේ 8.00ට පමණ කාර්යාලයට පැමිණ තම ලැප්ටොප් පරිගණකය මේසය මත තබා සහායක නීතිඥවරිය ද සමඟ අධිකරණයට ගිය බවත් සවස 3.45ට පමණ ආපසු පැමිණ බලනවිට ලැප්ටොප් පරිගණකය හා සහායක නීතිඥවරියගේ පසුම්බියේ තිබූ රුපියල් 35000ක මුදල ද නොතිබුණු බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

දකුණු කළුතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT