Home » එන්පීපී සාමාජිකයාට තර්ජනය කළ කරපොළ සජබ අපේක්ෂකයා අත්අඩංගුවට

එන්පීපී සාමාජිකයාට තර්ජනය කළ කරපොළ සජබ අපේක්ෂකයා අත්අඩංගුවට

by mahesh
May 9, 2025 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

පොලොන්නරුව මනම්පිටිය පොලිස් වසමේ කරපොළ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකයකුට බැන තර්ජනය කර පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන්, කරපොළ කොට්ඨාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට, වැලිකන්ද ප්‍රාදේශීය සභාවට තරග කර පරාජයට පත්ව සිටින, සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු පෙරේදා (7) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා කරපොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු හතළිස් දෙකක් වයසැති අයකු බවද පොලීසිය සඳහන් කළේය. මෙම අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ සාමාජිකයකු වන ඇල්ප්‍රාම් තුරෙයි අරුමතුරෙයි යන පුද්ගලයාගේ නිවෙස ඉදිරිපිටට ගොස් බැන තර්ජනය කර පහරදීමට උත්සහ දරා තිබෙන අතර, ඒ පිළිබඳව ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සමගි ජන බලවේග අපේක්ෂකයා අත්අඩංගුවට ගත් බවද මනම්පිටිය පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 8 වැනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය ‍ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT