Home » මොරගහකන්ද රක්ෂිතයේ මැණික් ගරලා
පළාත් පාලන ඡන්දය පැවැත්වෙද්දී

මොරගහකන්ද රක්ෂිතයේ මැණික් ගරලා

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නාඋල සමූහ

පළාත් පාලන ඡන්දය පැවති ඉකුත් 06 වැනිදා රාත්‍රී කාලයේ මොරගහකන්ද රක්ෂිත කලාපයේ හා අඹන් ගඟේ පිහිටි මැණික් ඉල්ලම් ගොඩදමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මොරගහකන්ද ජලාශ රක්ෂිතයට අයත් ප්‍රදේශ රැසක මැණික් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය රැසක් පවතින අතර, එම ප්‍රදේශවලට ඇතුළුවීම පවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් තහනම් කර තිබේ.

එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ නිරන්තර අධීක්ෂණය යටතේ පවත්නා මොරගහකන්ද රක්ෂිත කලාපයේ නීති විරෝධී මැණික් ගැරීම් හා වනසතුන් දඩයම සම්බන්ධයෙන් පුද්ගලයන් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගැනුණි.

එවැනි පසුබිමක් යටතේ පසුගිය පළාත් පාලන ඡන්ද සමයේ ආරක්ෂක අංශවල අවධානය වෙනතකට යොමු වී තිබියදී රක්ෂිත කලාපයේ හා අඹන් ගඟේ මැණික් ගැරීම් සිදුකර ඇති බව අවට පිරිස් පවසා සිටිති.

මොරගහකන්ද ජලාශය හේතුවෙන් ඉවත් කෙරුණු ගම්මාන 10ක පිරිස් රැඳී සිටි ගම්මාන රැසක් ජලයෙන් යටවූ අතර, ඇතැම් ස්ථාන තැනින් තැන ජලය නොමැති ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම කැණීම් සිදුකර ඇති බව අවට පිරිස පවසා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT