ගණේමුල්ල, ජා-ඇළ, කැලණිය, රාගම යන ප්‍රදේශවලින් සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි 05ක්, ත්‍රිරෝද රථයක් සමඟ පුද්ගලයන් 07 දෙනෙකුගෙන් සමන්විත නමගිය සොරු කල්ලියක් ගණේමුල්ල හා ගම්පහ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට ගණේමුල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස්. ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායම සමත් වූහ.
ගණේමුල්ල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 25ත් අතර ගණේමුල්ල තිබ්බටුගොඩ, ගම්පහ, උඩුගම්පොළ, උග්ගල්බොඩ හා මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට අධික ලෙස ඇබ්බැහිවූවන් බවත්, කාලයක් තිස්සේ සොරකම් ගණනාවක් සිදුකර ඇති බවත්, අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය පාට වෙනස් කර කොළ පාට යොදාගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.