Home » රටවල් 68ක් අබිබවා ප්‍රථම ස්ථානය ලංකාවට
ජපානයේ අන්තර්ජාතික පාරිසරික ලෝක ළමා චිත්‍ර තරගයෙන්

රටවල් 68ක් අබිබවා ප්‍රථම ස්ථානය ලංකාවට

by mahesh
May 9, 2025 1:00 am 0 comment

නාඋල සමූහ
ඇහැ­ළි­ය­ගොඩ ධර්ම­පාල ජාතික පාසලේ යූ.ඩී. වින්සර තුල්ෂාන්

අන්තර්ජාතික පාරිසරික ලෝක ළමා චිත්‍ර තරගයේ දී රටවල් 68ක පාසල් දූ දරුවන් අතරින් ශ්‍රී ලංකාවේ පාසල් දරුවකුට අන්තර්ජාතික ප්‍රථම ස්ථානය හිමිව ඇත.

ජපානයේ යුනිසෙෆ් කාර්යාලය, ජපානයේ තත්ත්ව සහතික පත්‍ර සංවිධානය (JQA) JAPAN INTERNATIONAL CERTIFICATION NETWORK (IQNET) ඒකාබද්ධව 24 වැනි වරටත් මෙහෙයවන ලද ජාත්‍යන්තර පාරිසරික ලෝක ළමා චිත්‍ර තරගයේ දී මෙම ජයග්‍රහණය හිමිව ඇති බව ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා කේන්ද්‍රය නිවේදනය කරයි.

එහි විශ්‍රාමික චිත්‍ර කලා ආචාර්ය පියසේන ද සිල්වා මහතා පවසා සිටියේ ඇහැළියගොඩ ධර්මපාල ජාතික පාසලේ 08 වැනි ශ්‍රේණියේ 13 හැවිරිදි යූ.ඩී. වින්සර තුල්ෂාන් සිසුවා අන්තර්ජාතික ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති බවයි.

‘අපගේ වටිනා පෘථිවිය අනාගතයට ගෙනයාම’ (PASSING ON OUR PRECIOUS EARTH TO THE FUTURE ) මාතෘකාව යටතේ ඉදිරිපත් කළ චිත්‍රය වෙනුවෙන් මෙම ජයග්‍රහණය හිමි වී ඇති අතර, වයස අවුරුදු 06 සිට 15 දක්වා වයස් කාණ්ඩ අතර පැවති මෙම තරගය සඳහා ගාල්ල, උණවටුනේ පිහිටි ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා කේන්ද්‍රයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකාවේ දරු දැරියන්ගේ චිත්‍ර ඉදිරිපත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT