Home » චෛත්‍යයට චූඩාමාණික්‍යය සහිත කොත පලඳවයි
උග්ගල්බඩ මල් අස්න රජමහා විහාරස්ථානයේ

චෛත්‍යයට චූඩාමාණික්‍යය සහිත කොත පලඳවයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

හයවන පරාක්‍රම රජු සමයේ ඉදිකළ බව කියන කළුතර උතුර උග්ගල්බඩ මල් අස්න රජමහා විහාරස්ථානයේ චෛත්‍යය රාජයාණන් වහන්සේට චූඩාමාණික්‍යය සහිත කොත් වහන්සේ පූජා කිරීම කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය මකුරුප්පේ සෝමාලංකාර හිමිගේ සුරතින් ඊයේ (08) සිදුකරන ලදි.

උග්ගල්බඩ මල්අස්න විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය මොරොන්තුඩුවේ සෝභිත හිමිගේ මෙහෙයවීමෙන් පින්කම සිදුකළ අතර, මෙම අවස්ථාවට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි ඇතුළු මහා සංඝරත්නය, කළුතර ප්‍රාදේශීය ලේකම් සාරංගී ධීරරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ දායක පින්වතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT