Home » අරුගම්බේ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක්

අරුගම්බේ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක්

by mahesh
May 9, 2025 1:00 am 0 comment

දිගාමඬුල්ල විශේෂ - වසන්ත චන්ද්‍රපාල

ආසියාවේ හතරවැනි ලස්සනම මුහුදු තීරය පිහිටා තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ අරුගම්බේය. මෙහි මුහුද සර්පින් ක්‍රීඩාවට හොඳ වටපිටාවක් තිබෙන නිසා විදේශිකයන් අරුගම්බේ සංචාරක කලාපයට වැඩි කැමැත්තක් දක්වයි.

ඉදිරි සතියක කාලය තුළදී අරුගම්බේ සංචාරක කලාපය ආරම්භ වෙන බැවින් අරුගම්බේ වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක් ඊයේ (08) දවස පුරා පැවැත්වීය.

ශ්‍රි ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමින්ද ගලප්පත්ති මහතාගේ යෝජනාවක් අනුව හමුදා භටයන් විසින් ඊයේ (08) දවස පුරා අරුගම්බේ මුහුදු තිර පිරිසුදු කිරීම ආරම්භ කළේය.

යුද හමුදා භටයන් 200ක පමණ පිරිසක් මේ සඳහා යෙදවීය. අරුගම්බේ සංචාරක පොලීසියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොතුවිල් ප්‍රාදේශීය සභාව ද මේ සඳහා සහාය දැක්විය.

දැනට අරුගම්බේ පැමිණ සිටින සංචාරකයන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාවට 24 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක, 242 බළසේනාධිපති කර්නල් තුෂාර, කැලෑ කෝරලේ 14 සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් සුරේෂ් පෙරේරා, 24 සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් සිසිර කුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT