කොල්කටා නයිට් රයිඩර්ස් පිලට අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට එක්වීම සඳහා තිබූ බලාපොරොත්තු චෙන්නායි සුපර් කිංග්ස් පිල හමුවේ පෙරේදා බිඳ වැටිණි.
තරගාවලියේ 57 වැනි තරගයේදී කොල්කටා පිල කඩුලු 2කින් පරාජය කිරීමට චෙන්නායි පිල සමත් වූ අතර, මේ පරාජය හේතුවෙන් කොල්කටා බලාපොරොත්තු බිඳ වැටිණි. ඔවුන්ට තවත් තරග දෙකක් ඉතිරිව තිබුණ ද අවසන් කණ්ඩායම් 4කට එක්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. කොල්කටා පිල පරාජය වූ 6 වැනි තරගය මෙය වන අතර, චෙන්නායි පිල තරග 12කදී වාර්තා කළේ තෙවැනි ජයයි.
මේ ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ලකුණු 179කට සීමා කළ චෙන්නායි ක්‍රීඩකයෝ පන්දු 2ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 8ක් දැවී තිබියදීය.
ඩිවෝල්ඩ් බ්‍රෙවිස් පන්දු 25කින් ලකුණු 52ක් රැස් කරමින් චෙන්නායි ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, ශිවම් ඩූබේ ලකුණු 45ක් සහ උර්විල් පටෙල් පන්දු 11කින් ලකුණු 31ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී වෛභවි අරෝරා කඩුලු 3ක්, වරුන් චක්‍රවර්ති සහ හර්ෂිත් රානා කඩුලු 2 බැගින් දවා ගත්හ.
කොල්කටා පිල වෙනුවෙන් ලකුණු 48ක් රැස් කළ අජින්ක්‍යා රහානේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ඇන්ඩ්‍රි රසල් ලකුණු 38ක් සහ මනීෂ් පාණ්ඩේ ලකුණු 36ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී නූර් අහමඩ් කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි.