Home » රෝහිත් ටෙස්ට් පිටියට සමුදෙයි

රෝහිත් ටෙස්ට් පිටියට සමුදෙයි

by mahesh
May 9, 2025 1:00 am 0 comment

රෝහිත් ෂර්මා වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති හෙයින් ජූනි 20 වැනි දින හෙඩින්ලිහිදී ආරම්භ වීමට නියමිත එංගලන්තය සමඟ තරග පහකින් යුත් තරගාවලියට නව පූර්ණකාලීන ටෙස්ට් නායකයකු නම් කිරීමට සිදුව ඇත.

“හැමෝටම ආයුබෝවන්, මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යනවා. මගේ රට නියෝජනය කිරීමට ලැබීම අතිශයින්ම ගෞරවයක්. වසර ගණනාවක් පුරා ඔබ සැමගේ ආදරය හා සහයෝගයට ස්තූතියි. මම දිගටම ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින ආකෘතියෙන් ක්‍රීඩා කරනවා” විශ්‍රාම ගත් රෝහිත් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පැවසීය.

රෝහිත් ටෙස්ට් තරග 67කදී ලකුණු 4301ක් ලබාගෙන ඇති අතර, එහි සාමාන්‍ය අගය 40.57ක් වේ. ශතක 12ක් සහ අර්ධ ශතක 18ක් රැස් කළ අතර, 2019 ඔක්තෝබර් මාසයේදී රාන්චිහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 212 ක් ලබා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT