සංචාරක නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි රග්බි තරගය හෙට (10) පස්වරු 6.30ට කොළඹ තුරඟ තරග පිටියේදී විදුලි ආලෝකධාරා මධ්‍යයේ පැවැත්වේ. වසර 118කට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකා භූමියේදී තරග වැදුණු පළමු අවස්ථාව ඉතිහාසයට එක් කළ තරග දෙකකින් සමන්විත මේ 15 සාමාජික රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් ලකුණු 50-10ක ජයක් නවසීලන්තයට හිමිවිය. ලොව ප්‍රබලතම රග්බි කණ්ඩායම ලෙස සැලකෙන නවසීලන්තයේ ඕල්බ්ලැක්ස් කණ්ඩායමට නොදෙවැනි ආකාරයේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනකු ද ඇතුළත් වන අතර, නයිජල් රත්වත්තගේ නායකත්වයෙන් හෙට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකා-නවසීලන්ත දෙවැනි රග්බි තරගය හෙට කොළඹ තුරඟ තරග පිටියේදී
by mahesh
May 9, 2025 1:00 am
0 comment
ෆවුස් මොහොමඩ්
41