Home » ටී.ආර්.ආර්. රාජන් ක්‍රිකට් සික්සර්ස් හෙට නිත්තවෙලදී

ටී.ආර්.ආර්. රාජන් ක්‍රිකට් සික්සර්ස් හෙට නිත්තවෙලදී

by mahesh
May 9, 2025 1:00 am 0 comment

මහනුවර රොටරි සමාජය විසින් මෙරට රෝටරී සහ රෝටරැක්ට් ක්‍රීඩකයන් වෙනුවෙන් 20 වැනි වරට සංවිධාන කරන සය සමාජික ක්‍රිකට් තරගාවලිය හෙට (10) මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මහනුවර රොටරි සමාජයේ 51 වැනි සභාපතිවරයා වූ දිවංගත ටී.ආර්.ආර්. රාජන් මහතා අනුස්මරණය කරමින් මේ තරගාවලියේ සංවිධාන කරයි.

ටී.ආර්.ආර් ලෙස ප්‍රකට රාජන් මහතා ක්‍රීඩකයෙක්, ක්‍රීඩා අනුග්‍රහකයෙක් ලෙස ද කටයුතු කර ඇති අතර, ඔහු අනුග්‍රාහක ක්ෂේත්‍රයට පිවිසියේ 1992 වසරරේදී මහනුවර රග්බි ක්‍රීඩා සමාජයට අනුග්‍රාහකත්වය ලබා දෙමිනි.

පසුව ඔහු ඕල්ඩ් ට්‍රිනිටියන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට අනුග්‍රහය දක්වමින් හොකී ක්‍රීඩාවට සහාය විය.

මහනුවර රොටරි සමාජයේ වත්මන් සභාපති ආචාර්ය අවන්ති කරුණාරත්න පැවසුවේ මේ තරගාවලිය සහෝදරත්වයෙන් හා සෞඛ්‍ය සම්පන්න තරගකරිත්වයක් සඳහා රොටරී සාමාජිකයන් සහ රෝටරැක්ට් සාමාජිකයන් 1000කට අධික සංඛ්‍යාවක් එක් කරනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රොටරි ආණ්ඩුකාර සුෂේන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන තරගාවලියට සූර්යා සමාගම අනුග්‍රහය දක්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT