මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර 65 වැනි ‘සුරතලුන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (9) සහ හෙට (10) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 1958 වසරේ ආරම්භ කොට ඇති මේ තරගය 16ක් වරක් ජයගනිමින් ඉතිහාසයේ වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකර ගැනීමට සාන්ත සිල්වෙස්තර විදුහල සමත්ව සිටියි. මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පසුගිය 2024 වසරේදී අවසන් වරට අකිල වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ජය වාර්තා කළේය. විද්‍යාර්ථ විදුහල මේ දක්වා තරග 3ක් පමණක් ජයගෙන ඇති අතර, අවසන් වරට 1967 වසරේදී සුනිල් මුණසිංහගේ නායකත්වය යටතේ 1967 වසරේදී ජය ලැබීය.

සාන්ත සිල්වෙස්තර සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) - චමෝද් දිසානායක (සහාය පුහුණුකරු), නිමේෂ ද සිල්වා, හේමන්ත රණසිංහ (සහකාර විදුහල්පති සහ ක්‍රීඩා පරිපාලක), යෝෂිත ඉසුරංග (නායක), ආර්.ඒ.ඒ.ආර්. රණසිංහ (විදුහල්පති), චන්දුප වඩුගේ (උප නායක), ලෙනින් ජයසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), චන්දිමාල් විජේරත්න, නිමේෂ මෙන්ඩිස් (ප්‍රධාන පුහුණුකරු), පසු පෙළ - පියුමක කරුණාරත්න, ප්‍රභාගරන් ඉශාන්, චාමික බස්නායක, ඔසද දෙනුවන්, ඉශික ප්‍රමෝද් , විදුසර ගනේගොඩ, අමිත් කුමාර, වගීශ හංසල, මතීෂ පන්සිළු,කසුන් මදුරංග,මේනාත් නෙත්සුක,ඉමල්ක රණසිංහ,ආදිත්‍ය රණමුකගේ, නිතිල් හේරත්,ගගන ලංකේෂ්වර, සකුණ ද සිල්වා.
විද්‍යාර්ථ සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) - චමල්ක බණ්ඩාර (නායක), නිශාන්ත ජයවර්ධන (සහාය පුහුණුකරු), සංජීව බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), ඩී.එම්. සේනාරත්න (නියෝජ්‍ය විදුහල්පති), එම්.ආර්.පී. මායාදුන්නේ (විදුහල්පති), සුමිත් දිසානායක (ක්‍රීඩා පරිපාලක), චම්පික සිරිවර්ධන (ප්‍රධාන පුහුණුකරු), දනූප කොඩිකාර (සහාය පුහුණුකරු), මැද පෙළ - ඕෂධ ජයරත්න, කාවින්ද සමරසිංහ, පුබුදු තාරක, කවිදු හෙට්ටිආරච්චි, අකලංක දිනුජය, යස්මිත දිසානායක, ෂෙවාන් කැනිශස්, මෙව්ල් ගනේගොඩ, ඉශාන් දොඩන්ගොල්ල, විසල් විද්‍යාරත්න, චෙනුල් ජයවික්‍රම, පමුදිත සමරකෝන්, පේෂල සෙනෙවිරත්න, පසු පෙළ - තෙහස් රත්නායක, අනුහස් රණවීර, උශාන් රත්නායක, විශ්වජිත් බණ්ඩාර, මනුත් මින්දිය, ළකිදු කොඩිකාර.
28
කලින් පුවත