107
පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබේ.
ඒ අනුව සියළුම ආකාරයේ ගුවන්, නාවුක හා ගොඩබිම් සියළු යුද මෙහෙයුම් අත්හිටවීමට දෙරට එකඟ වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම පාකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ද X ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.
ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
ඒ අනුව අද සවස 5 සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය “ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන” බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත.