Sunday, May 11, 2025
Home » ඉන්දියාව සහ පාකිස්ථනය සටන් විරාමයකට එකඟ වෙයි

ඉන්දියාව සහ පාකිස්ථනය සටන් විරාමයකට එකඟ වෙයි

by chanaka
May 10, 2025 8:50 pm 0 comment

පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබේ.

ඒ අනුව සියළුම ආකාරයේ ගුවන්, නාවුක හා ගොඩබිම් සියළු යුද මෙහෙයුම් අත්හිටවීමට දෙරට එකඟ වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම පාකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ද X ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.

ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ඒ අනුව අද සවස 5 සිට බලපැවැත්වෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය “ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන” බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT