Saturday, May 10, 2025
Home » කොටහේන දැරියගේ සිදුවීම: වැඩිදුර විමර්ශන ඇරඹෙයි

කොටහේන දැරියගේ සිදුවීම: වැඩිදුර විමර්ශන ඇරඹෙයි

by chanaka
May 10, 2025 10:23 am 0 comment

කොටහේන ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් පසුගිය 29වැනිදා මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය සහ බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කරයි.

පොලීසිය පැවසුවේ දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවරණ හා විමර්ශන කාර්යාංශයේ 109 දරණ හදිසි දුරකතන අංකයට තුන්වන පාර්ශ්වයක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

දැරිය සහභාගී වූ උපකාරක පංතියකදී එම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින්, දරුවන් ඉදිරියේ මියගිය දැරියව මානසික පීඩනයට පත්කර ඇති බවත් ඒ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව සඳහන් කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලිසිය නිවේදනය කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය හා බම්බලපිිටිය පොලිසිය විසින් සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලීසිය පෙන්වා දෙන්නේ, දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා පසුව කොටහේන ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදී අදාළ සිදුවීමට මුහුණදී ඇති බවයි.

මේ අතර, දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ ගුරුවරයෙකුගේ අතවරයට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර පසුගිය ජනවාරි 8 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුවරයා ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහැර තිබුණි.

මේ වන විට සැකකරුට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර එම නඩුව ලබන 19 වැනිදා යලි කැඳවීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT