Saturday, May 10, 2025
Home » දිවයින පුරා වෙසක් දන්සැල් 7437ක්

දිවයින පුරා වෙසක් දන්සැල් 7437ක්

by chanaka
May 10, 2025 10:07 am 0 comment

වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත්(10) සිදුකෙරෙන බවයි.

මේ අතර, එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන අතර මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාර, නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම නිසා ආහාර හා ජලය මගින් බෝවන රෝග වැළඳීම හා ආහාර විෂ වීම් ද ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.

එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළ සංවිධානය වන සියලුම දන්සැල් පහත පොදු උපදෙස් මාලාවට අනුකූලව ඉටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමය කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT