189
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) බිහිසුණු අනතුරක් සිදුව ඇත.
ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.
කොත්මලේ පොලීසිය පැවසුවේ, අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.