Home » ආසියානු බොක්සිං ෆෙඩරේෂනයේ සභාපති ශ්‍රී ලංකාවට එයි

ආසියානු බොක්සිං ෆෙඩරේෂනයේ සභාපති ශ්‍රී ලංකාවට එයි

by chanaka
May 11, 2025 12:17 pm 0 comment

කටුනායක ටී.කේ.ජී.කපිල

වසර 57 කට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ජාත්‍යන්තරය බොක්සිං තරගාවලියවන ආසියානු තරුණ සහ වයස අවුරුදු 22 න් පහළ බොක්සිං තරගාවලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා ආසියානු බොක්සිං ෆෙඩරේෂනයේ සභාපති අසීස් කොසම්බෙටෝව් මහතා ( Aziz Kozhambetov)ඊයේ(10) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම තරගාවලිය  හෙට (12) සිට මැයි මස 23 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව ඇතුලු තවත් ආසියානු රටවල් 29 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සදහා මේ වනවිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු තෝරා ගෙන තිබේ.

ආසියානු බොක්සිං ෆෙඩරේෂනයේ සභාපතිවරයා ඊයේ රාත්‍රී 09.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං ෆෙඩරේෂනයේ සභාපති ආචාර්ය ශානක අනුරුද්ධ මහතා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආසියානු බොක්සිං ෆෙඩරේෂනයේ සභාපතිවරයා , කටුනායක ගුවන් තොටුපොළ තුළදී  ඉතා උසස් අන්දමින් පිළිගැනීමට පියවර ගෙන තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT