රක්ත මෝක්ෂණ චිකිත්සාව වර්තමානයේ සුලභව භාවිත නොවන, එහෙත් බොහෝ රෝග අවස්ථා සඳහා වඩා ඵලදායී ලෙස යොදා ගත හැකි ප්‍රතිකාර ක්රමයකි. සිරුරේ අපිරිසුදු රුධිරය ඉවත් කිරීමෙහිලා පහසුම ක්‍රියාවලිය වනුයේ ජලෞකා ක්‍රමවේදය හෙවත් කූඩැල්ලන් මඟින් රුධිරය ඉවත් කිරීමයි. ආයුර්වේද මූල ග්රන්ථ සහ ප්‍රායෝගික අත්දැකීම් අනුව මේ ප්‍රතිකාර ක්‍රමය රෝග සුව කිරීම මෙන්ම රෝග වළකා ගැනීම යන අවස්ථා දෙක උදෙසාම යොදා ගත හැකිය.
මේ ප්‍රතිකාරය වේදනාවකින් තොර, ආරක්ෂිත සහ එදිනෙදා කටයුතු සමඟ වුවද පහසුවෙන් සිදුකරගත හැකිය. මෙහිදී සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සුදුසු කූඩලු ප්‍රභේදය බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව කූඩැල්ලා විෂහරණ ක්‍රියාවලියකට ලක් කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරේ.
කූඩැල්ලා රුධිරය උරා බීම අවසන් වූ පසු ඖෂධීය ද්‍රව්‍ය චූර්ණයක් යොදා කූඩැල්ලා විසින් උරාබොන ලද දූෂිත රුධිරය කූඩැල්ලාගේ සිරුරෙන් ඉවත් කිරීම කරයි. අනතුරුව කූඩැල්ලා රුධිරය උරා බිවු ස්ථානය පිරිසුදුකර ඖෂධ ආලේපනයක් හෝ සුදුසු ඖෂධීය තෙලක් ගැල්වීම කරනු ලැබේ. එක් වරකට කූඩැල්ලකු රුධිරය 10mlත් 60ත් අතර ප්‍රමාණයක් උරා බීම කරන අතර එම කාර්යය සඳහා මිනිත්තු 20ත් 60ත් අතර කාලයක් ගත වේ.
සතියකට වරක් බැගින් වාර හතක්, දාහතරක් හෝ විසි එකක් මේ ප්‍රතිකාරය කිරීම සුදුසුය.
කූඩලු ප්‍රතිකාරයේ විශේෂත්වය
කූඩැල්ලා විසින් ඔබේ සිරුරේ ඇති අපිරිසුදු දූෂිත රුධිරය උරා බී ඉවත් කිරීම.
රුධිර පරිවහනයට බාධා පවතියි නම් (නහර ගැට ගැසීම් වැනි අවස්ථාවලදී) එය ක්‍රමවත් වීම.
දූෂිත රුධිරය නිසා හටගත් සමෙහි ඇති කැසීම්, කළු පැහැ වීම්, මස් පිඬු ආශ්රිත වේදනා, හිරිය සමනයට.
රුධිර සැපයුමේ ඇති දුර්වලතා නිසා සුව වීමට ප්‍රමාද තුවාල සුව වීම ඉක්මන් කිරීම.
සන්ධිගත රෝග අවථාවලදී ඇතිවන ඉදිමුම්, වේදනා, දාහ ආදිය සමනය වීමට උපකාරී වීම.
පොතු කබර වැනි චර්ම රෝගවලදී අභ්‍යන්තර ප්‍රතිකාර සමඟ රක්ත මෝක්ෂණය යෙදීමෙන් ඉක්මන් සුවය ලබාගත හැකි වීම.
නොකළ යුතු අවස්ථා:
රක්තහීනතාවය, සමස්ත සිරුරේම පවතින ශෝථ (ඉදිමුම්) තත්ත්වයන්, ගර්භනීභාවය, රුධිරය කැටිගැසීමේ දුර්වලතා සහිත රෝගීන්, හෘද රෝගීන්, දියවැඩියා රෝගීන්, අධිරුධිර පීඩනයෙන් පෙලෙන්නන් ආදින් මේ අතර වෙයි.
වර්තමානය වනවිට ක්‍රමයෙන් ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමවේදයක් බවට පත්වෙමින් පවතින මෙම ජලෞකා චිකිත්සාව තුළින් මහඟු ප්‍රතිඵල ගැනීමට ළඟම පිහිටි රජයේ ආයුර්වේද රෝහලකට යොමුවීමෙන් පුළුවන.
උපදෙස්
රජයේ ආයුර්වේද වෛද්‍ය එරංග සම්පත් අලහකෝන්
ඉරෝෂා දීපානි