Home » වසර 23කට පෙර අමෙරිකානු මාධ්‍යවේදියා ඝාතනය කළ ත්‍රස්ත නායකයා සින්දූර් මෙහෙයුමෙන් මරුට

වසර 23කට පෙර අමෙරිකානු මාධ්‍යවේදියා ඝාතනය කළ ත්‍රස්ත නායකයා සින්දූර් මෙහෙයුමෙන් මරුට

by sachintha
May 12, 2025 1:39 am 0 comment

වසර 2002දී අමෙරිකානු මාධ්‍යවේදී ඩැනියෙල් පර්ල් පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබූ ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ බව කියන පාකිස්තානය කේන්ද්‍ර කරගත් ජයිෂී මොහම්මඩ් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන අබ්දුල් රවුෆ් අසාර් සින්දූර් මෙහෙයුමෙන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 7 වැනිදා අලුයම ඉන්දීය හමුදාව විසින් පාකිස්තානයට අයත් කාශ්මීර් කලාපයේ ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමේදී අබ්දුල් රවුෆ් ද එම ගොඩනැඟිල්ලක සිටි බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 2002 ජනවාරියේ 23 වැනිදා පාකිස්තානයේ ආගමික නායකයකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට යමින් සිටි අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවයේ දකුණු ආසියානු කාර්යංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඩැනියෙල් පර්ල් කරච්චි නුවරදී පැහැරගැනීමට ලක්වූ අතර, දින කිහිපයකට පසු ඔහුගේ හිස ගසා දමනු ලැබූ ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT