ජාතික යොවුන් සේනාංකය මඟින් පවත්වන පුහුණු පාඨමාලාවලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශනය ලබාදීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩමුළු පැවැත්වීම යොවුන් සේනාංකය මඟින් ආරම්භ කර තිබේ. ඒ අනුව එහි පළමු අදියරේ වැඩසටහන වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා (09) ජාතික යොවුන් සේනාංකයේ වාරියපොළ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.
පළමු අදියරේ වැඩසටහනට ජාතික යොවුන් සේනාංකයේ වයඹ පළාතේ මධ්‍යස්ථාන 8ක පුහුණුලාභීහු 1000ක් එක්ව සිටියහ. මේ වැඩසටහන් යටතේ වෘත්තීය පුහුණුවට තරුණ තරුණියන් යොමු කිරීම, රැකියාගත කිරීම පිළිබඳ දැනුම්වත් කිරීම හා නව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර හඳුන්වාදීම සිදු කිරීමට නියමිතය. ජාතික වෘත්තීය සුදුසුකම් ලබාදෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන වෘත්තීය පුහුණු ආයතන සමඟ එක්ව ජාතික යොවුන් සේනාංකය මේ වැඩමුළු පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ජාතික යොවුන් සේනාංකයේ කැඩට්වරුන් ආදි යූත් කැඩට්වරුන් හා පාසල් සිසුන් ද සහභාගිත්වයෙන් ඉදිරි වැඩසටහන් පැවැත්වීමට නියමිතය. තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මේ වැඩසටහනට ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ගාමිණී වික්රමපාල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මලිඳු තෙන්නකෝන්