ගැඹුරු ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාවට දුන් ස්ථිර සහයෝගයට තමා ස්තූතිවන්ත වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 58 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගියදා (07) ඉතාලියේ මිලාන්හි දී ADB සභාපති මසටෝ කන්දා මහතා හමු වූ අවස්ථාවේදීය.
මෙහිදී තමා ඇතුළු නියෝජිත පිරිස ADB හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමු වූ බව ද ඒ මහතා සිහිපත් කළේය.
ADB සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී නියෝජිත පිරිස ගැඹුරු ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ADB විසින් ශ්‍රී ලංකාවට දුන් ස්ථිර සහයෝගයට ස්තූති කළහ. ශ්‍රී ලංකාවේ නිල ද්වි-පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී කන්දා මහතා විසින් දුන් ශක්තිමත් උත්සාහයන් සහ නිශ්චිත දායකත්වය විශේෂයෙන් අගය කරන ලදි.
ජයසිරි මුණසිංහ