නවීන තාක්ෂණයෙන් සමන්විතව මහනුවර ඉදිකෙරෙමින් පවතින මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී නිම කිරීමට රජය සැලසුම් කර තිබේ.
මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කෙරෙන මේ බහුවිධ ප්‍රවාහන පර්යන්තය සඳහා රුපියල් බිලියන 15ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා මෙහි ඉදිකිරීම් නිරීක්ෂණයට ගිය අවස්ථාවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ තොරතුරු අනාවරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස කීවේය.
“මේ ව්‍යාපෘතියෙන් මහනුවර බස් සහ දුම්රිය සේවා ඒකාබද්ධ වීමත් සමඟ මහනුවර ජාතික රෝහලට ඉක්මනින් ප්‍රවේශ වීමට පහසුකම් සැලසෙනවා. බස් රථ ගාල්කිරීමේ පහසුකම්, සුපිරි වෙළෙඳ සංකීර්ණ, භාණ්ඩ අලෙවිසල්, ආපණශාලා, බැංකු ඇතුළු සියලු පහසුකම් මේ ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ ආකාරයේ පහසුකම්වලින් සමන්විත බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් මෙරට කිසිදු නගරයක නෑ.
ලෝක බැංකුවේ දීර්ඝ කාලීන ණය ආධාර මෙන්ම ශ්‍රී ලංකා රජයේ මුදල් ද මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරනවා. මේ දැවැන්ත කාර්යයට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන රැසක් එක්ව කටයුතු කරනවා.”
අසේල කුරුළුවංශ