අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධාන කරන Vision වැඩසටහනට සහභාගී වීමට ද පසුගියදා (09) ඔවුන්ට අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මේ වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය සහ පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කරදී ඇත.
මේ වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් මේ පාසල් වෙත වටිනා පැළ ප්‍රදානය කෙරිණි. අනතුරුව ජනාධිපති ලේකම්වරයා සිසුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.
ඩී. සැම්සන් සමූහ ව්‍යාපරයේ පූර්ණ අනුග්‍රහය ඇතිව මේ සිසු දරු දැරියන්ට පාසල් පාවහන් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මීට සමගාමීව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරු දැරියෝ දැනුම්වත් කිරීමක් ද සිදු කළහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර, අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ) එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල මහත්වරුන්, විදුහල්පතිවරුන් ඇතුළු ගුරුවරු මේ අවස්ථාවට සහභාගී වූහ.
උපාලි කරුණාරත්න