Home » ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාරගේ අවසන් කටයුතු අද

ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාරගේ අවසන් කටයුතු අද

by sachintha
May 12, 2025 1:20 am 0 comment

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සවස 2.00ට කළුතර උතුර නගර සභා ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වැලිසර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ පසුගිය 9 වැනිදාය. පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ 2015 වසරේ සැප්තැම්බර් 16 වැනිදා සිට අභාවප්‍රාප්ත වනතුරුම වසර 10ක පමණ කාලයක් සේවය කර ඇති මහකුමාර මහතා මාධ්‍ය මිතුරෙක් ලෙස කටයුතු කළ අයෙකි.

1996 වසරේ පෙබරවාරි 28 වැනිදා ආධුනික උප පොලිස් පරීක්ෂවරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව ඇති මහකුමාර මහතා තඹුත්තේගම පහළගම පුහුණු ඒකකයෙන් මූලික පුහුණුව හදාරා තිබේ.

මහකුමාර මහතා 2010 වසරේ පෙබරවාරි 8 වැනිදා පොලිස් පරීක්ෂක ධුරයටත්, 2020 වසරේ පෙබරවාරි 8 වැනිදා ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරටත් උසස්වීම් ලබා තිබේ.

දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඒ මහතා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 51කි.

දේහය කළුතර උතුර පොලිස් වසමේ අංක 44 කැලිඩෝ පාර, කළුතර ලිපිනයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT