ආහාර ගනිමින් සිටියදි කෘත්රිම දත් ඇන්දක් උගුරේ සිරවීම නිසා 52 හැවිරිදි රාජ්ය නිලධාරියකු මරුමුවට පත්ව ඇතැයි ඇඹිලිපිටිය මූලික රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්රදේශයේ රාජ්ය ආයතනයක නිලධාරියකු ලෙස සේවය කළ ඒ. රාජා මහතාය.
මරණකරු පසුගිය 07 වැනිදා රාත්රී 7ට පමණ ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින උදෑසන ඔහු මියගිය බව එම ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහුගේ පශ්චාත් මරණ පරික්ෂණය ඇඹිලිපිටිය මූලික රෝහලේ දි සිදු නොකර රත්නපුර ශික්ෂණ රෝහලට යවා සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබිණි. පශ්චාත් මරණ පරික්ෂණයේදී අණාවරනය වී ඇත්තේ කෘත්රිම දත් ඇන්දක් උගුරේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට අපහසුවෙන් මරණය සිදුව ඇති බවය. මියගිය රාජා මහතාගේ අවසන් කටයුතු ඇඹිලිපිටිය නව නගරයේදි පසුගිය 09 වැනිදා සිදු කෙරුණි.
රත්නපුර දිසා විශේෂ ලසන්ත නිරෝෂණ