Monday, May 12, 2025
Home » කෙහෙළිය ළඟ තිබී ගජ මුතුවක්-බුදුපිළිමයක් ශාක පොතුත් සොයාගෙන පොලීසියෙන් විමර්ශන

කෙහෙළිය ළඟ තිබී ගජ මුතුවක්-බුදුපිළිමයක් ශාක පොතුත් සොයාගෙන පොලීසියෙන් විමර්ශන

by sachintha
May 12, 2025 2:17 am 0 comment

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට ඇතුළත් කිරීමට පෙර කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී පසුගිය 07 වැනිදා සොයාගත් ගජ මුතුව, කුඩා බුදුපිළිමය සහ දුඹුරු පැහැති ශාක පොතු 05ක විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට පෙරේදා (10) ඉදිරිපත්කර ඇත. බන්ධනාගාරය මඟින් එම භාණ්ඩ බොරැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත්කර ඇත්තේ විමර්ශන කටයුතු සඳහාය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සතුව තිබී සොයාගත් ගජමුතුව ඔහුට ලද ආකාරය ගැන විශේෂයෙන් විමර්ශන පවත්වන බව පොලීසිය සඳහන් කළේය

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT