160
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද (12) සහ හෙට (13) දෙදින බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත්වන පරිදි ලබා දීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන තුළ සිදු කරනු ලබයි.