Home » ලක්ෂ 600 ක හොර රට සිගරැට් ගුවන් තොටේදී මාට්ටු

ලක්ෂ 600 ක හොර රට සිගරැට් ගුවන් තොටේදී මාට්ටු

by sachintha
May 12, 2025 2:42 am 0 comment

රුපියල් ලක්ෂ 600ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළ, Ò හරිත මාවත Ò (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු පෙරේදා (10) රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කොළඹ අවට ප්‍රදේශයන්හි, එනම් වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් පිරිසකි.

මොවුන් පෙරේදා (10) රාත්‍රී 09.50ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් හරිත මාවත ඔස්සේ, ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද, එම ප්‍රයත්නයන් ව්‍යර්ථ කර, ඔවුන්ගේ සිය ගමන් මලු 20ක් තුළ අසුරා ගෙන තිබූ, විදේශීය නිෂ්පාදිත

Òමැන්චෙස්ටර් ‘ වර්ගයේ දුම්වැටි ලක්ෂ 04ක් අඩංගු දුම්වැටි කාටූන් 2,000ක තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම කටුනායක ගුවන්තොටුපොළ මෑතකාලීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT