නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ගබ්සා පෙති ඇතුළත් ඖෂධ තොගයක් සන්තකයේ තබාගෙන රහසිගතව අලෙවි කිරීමට මාතලේ නගරයට රැගෙන ආ පුද්ගලයකු මාතලේ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් හා මාතලේ ඖෂධ පරීක්ෂක නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නීති විරෝධී ඖෂධ මාතලේ නගරයට ප්‍රවාහනය කරන බවට දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත මාතලේ නගරයේදී අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. 2015 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරී පනත අනුව මෙම ඖෂධ ප්‍රවාහනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මෙම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගැනීමට ඖෂධ පරීක්ෂක නිලධාරීවරයා හා පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබිණි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන