මොරගොඩ පොලිස් වසමට අයත් නාවක්කුලම, අලුත්වැව ඉස්මත්තේ තල හේනක අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වනඅලි හතරදෙනකු (04) නිරුපද්‍රිතව ගොඩ ගෙන පෙරේදා (10) වනයට මුදා හැර තිබේ.
පසුගිය සිකුරාදා රාත්‍රියේ (09) ආහාර සොයමින් පැමිණ ඇති මෙම වන අලි සිවු දෙනා මෙලෙස මෙම අනාරක්ෂිත වගා ළිඳට වැටී ඇත. ඇතින්නියන් දෙදෙනකු සහ මාස එකක හා මාස 3ක පමණ අලි පැටවුන් දෙදෙනෙකු මෙසේ වගා ළිඳට වැටී ඇත. ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු මොරගොඩ සහ රිටිගල වනජීවී කාර්යාලවල නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන් හා මොරගොඩ පොලිස් නිලධාරීන් සමඟ එක්ව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වනඅලි සිවු දෙනා ගොඩගෙන වනයට මුදාහැරීමට කටයුතු කර ඇත.
මරදන්කඩවල සමූහ
කේ.එස්. කරුණාරත්න