Monday, May 12, 2025
Home » මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන සොයන්න නමපුද්ගල කමිටුවක්

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන සොයන්න නමපුද්ගල කමිටුවක්

by sachintha
May 12, 2025 12:17 am 0 comment

මාදුරුඔය ජලාශයට කඩාවැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 09 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් මේ කමිටුව පත්කර තිබෙන අතර අනතුර සිදුව තිබෙන ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් ද එම කමිටුව විසින් සිදුකර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පිහිටි අංක 07 පියාසර බලඝනයට අයත් බෙල් – 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යුද හමුදා විශේෂ බළකා විසිරයාමේ පෙළපාළියේ නිදර්ශනාත්මක අභ්‍යාසයක නිරතව සිටිය දී ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුගිය (09) දා උදෑසන මාදුරුඔය ජලාශයට වැටී අනතුරකට ලක්විය. මෙම හෙලිකොප්ටර් යානය පෙරවරු 06.46 ට හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරෙන් ගුවන්ගත වී මාදුරු ඔය යුද හමුදා විශේෂ බළකා කඳවුර වෙත ගොස් යුද හමුදා විශේෂ බළකා විසිර යාමේ පෙළපාළියේ නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සඳහා යුද හමුදා විශේෂ බළකා සාමාජිකයන් 06 දෙනකු රැගෙන ගුවන් ගත වී සුළු වෙලාවකට පසු මෙම අනතුරට පත්ව ඇත. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ඇතුළුව 12 දෙනකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනාම මුදා ගැනීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර සඳහා අරලගන්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුද හමුදා විශේෂ බළකා සෙබළුන් හතර දෙනකු ඇතුළුව 06 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට ලක්වූ මෙම හෙලිකොප්ටර් යානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහාය ඇතිව මේ වනවිට ගොඩගෙන තිබෙන අතර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ද ඒ සඳහා සහාය ලබා දී තිබේ. කෙසේ වුවද මෙම ගුවන් අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් මෙම පරීක්ෂණ කමිටුව පත්කර ඇත.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT