Home » ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය හා කාශ්මීරයේ ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර ප්‍රගතියට පත් විය යුතුයි

ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය හා කාශ්මීරයේ ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර ප්‍රගතියට පත් විය යුතුයි

-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

by sachintha
May 13, 2025 1:01 am 0 comment

ඉන්දීය සාගර කලාපයේ සංවර්ධනය සහ කාශ්මීරයේ ත්‍රස්තවාදයට පිළියම් යෙදීම එකවර ප්‍රගතියට පත් විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හින්දු පුවත්පතේ පස් වැනි සංස්කරණයට අදාළව ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර්හි පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිද්ධරාමණී මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ සහභාගී වූහ.

එහිදි හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

“ත්‍රස්තවාදය සමඟ කටයුතු කරන අතරම සංවර්ධනය පසුපස හඹා යාම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව ආදර්ශයට ගත යුතුයි.

අපි මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය භාරගෙන ආයෝජන කලාප ඇති කළේ ත්‍රස්තවාදයට මුහුණ දෙන අතරතුරයි. ඉන්දියාව ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වෙනවාද නැතිනම් අද පවතින තත්ත්වයටම යනවාද? කියා සිතිය යුතුයි.

ඉන්දියා-පාකිස්තාන් ගැටුම ප්‍රධාන ප්‍රශ්නයක්, ලොකුම ප්‍රශ්නය අපි ඉන්දියාවේ රැකියා වැඩි කරන්නේ කෙසේද යන්නයි. බංග්ලාදේශයේ සිදු වූ දේ පකිස්ථානයේ පවා සිදු විය හැකියි. බංග්ලාදේශයේ සිදු වූ දේ අපේ රටවල සිදුවුවහොත් අපි සිටින්නේ කොතැනද? ශ්‍රී ලංකාව සෑම විටම කාශ්මීරයේ ත්‍රස්තවාදය හෙළා දකිනවා.ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම ඉක්මනින් අවසන් වනු දැකීමට අපට අවශ්‍යයි.

පළමු වතාවට අපි දකිනවා AI සහ ඩ්‍රෝන යානා භාවිතා කරනවා, මෙය ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමාන්‍ය ගැටුමක් නොවේ. අපි අපේක්ෂා නොකළ තවත් දෙයක් තිබෙනවා. මම පසුගිය දිනක එක්සත් ජනපදයේ මිතුරෙකුට කතා කළා.

ඔහු මට පැවසුවේ එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල ආයෝජකයින් පාකිස්තානයේ බෝම්බ ප්‍රහාර තර්ජනය නිසා ඉන්දියාවේ ආයෝජනය කිරීමට මැලි වන බවයි.

මූලික වශයෙන්, ඔබේ ආකල්පය එය සිහිනයක් ලෙස බැලීමයි. අපගේ අවධානය යොමු විය යුත්තේ අපි එය සාක්ෂාත් කරගන්නේ කෙසේ ද යන්නයි. සියවස් දෙකකට පෙර අපට අහිමි වූ අවස්ථා අප විසින් අත්පත් කර ගැනීමට යන්නේද?

යුරෝපය ලාභ චීන භාණ්ඩ ගැන කතා කරන විට, අපේ කලාපයෙන් අඩු මිලට රෙදිපිළි එන බව ඔවුන්ට අමතක වෙයි. කාර්මික විප්ලවයේදී ගෝලීය වෙළඳපොලේ ආධිපත්‍යය දැරීමට ඔවුන් අපේ රෙදි අතුගා දැමුවා. චීනය වෙළඳ අතිරික්තයක් ඇති විට යුරෝපය අබිං එව්වා. අපි එය සමඟ කටයුතු කරන්නේ කෙසේද?

අපි අපවම ඔසවා නොගන්නේ නම්, අපි කළමනාකරණය කරන්නේ කෙසේද? චීනයට එහි මධ්‍යම පන්තිය නඟා සිටුවා ඇත. චීනයට ඔවුන්ගේ කලාපයේ එය කළ හැකි නම්, අපට එය අපගේ කලාපයේ කළ හැකිය.

ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්ත මොනවාද? ඒ තමිල්නාඩුව සහ කේරළයයි. තමිල්නාඩුවට වරායක් නැහැ. අපිට හැම විටම සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය තියෙනවා. කොළඹ අලුත් වරායක් හදන්න පුළුවන්. මේ ගැන මම කලකට පෙර අගමැති මෝදි සමඟ සාකච්ඡා කළා.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT