Tuesday, May 13, 2025
Home » ගැරඬිඇල්ල බස් අනතුර ගැන සෙවීමට විශේෂ කමිටුවක් – මියගිය ගණන ඉහළට

ගැරඬිඇල්ල බස් අනතුර ගැන සෙවීමට විශේෂ කමිටුවක් – මියගිය ගණන ඉහළට

by chanaka
May 13, 2025 2:04 pm 0 comment

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුගිය 11වැනිදා අනතුරට පත්වීමෙන් මේ වන විට පුද්ගලයින්23දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිසිපතිවරයා විසින් දන්වා ඇත.

මේ අතර ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක පළකෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සදහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT