Tuesday, May 13, 2025
Home » මැයි මුලදී සංචාරකයෝ 33,910ක් දිවයිනට

මැයි මුලදී සංචාරකයෝ 33,910ක් දිවයිනට

by sachintha
May 13, 2025 1:54 am 0 comment

මේ වසරේ සංචාරකයෝ 930,794ක් ඇවිත් – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය

මැයි මස මුල් සතියේදී මෙරටට සංචාරකයන් 33,910ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් ප්‍රමාණය 930,794ක් බවයි.

ශීත ඍතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයන්ගේ පහළ යෑමක් මේ වන විට වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමින් පහළට පැමිණ ඇත. මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයන් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.

2023 වසරේදී මෙම ප්‍රමාණය 18,761ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වේ. 2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 33,910කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක දැක්වෙන්නේ 2025 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළදී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් බව ය.

මෙය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේදී 10.2%ක වර්ධනයකි.

2025 අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 646.1ක සංචාරක ඉපැයීමක් සටහන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT