Home » දුර්ලභ ශාකවලින් ආයුර්වේද නිමැවුම් කරන වෛද්‍යවරිය

දුර්ලභ ශාකවලින් ආයුර්වේද නිමැවුම් කරන වෛද්‍යවරිය

by sachintha
May 13, 2025 1:22 am 0 comment

වෛද්‍යවරියක යනු ඉතා කාර්යබහුල චරිතයක් බව, අප සියලුදෙනාම හොඳින් දන්නා කරුණකි. එහෙත් තම කාර්යබහුල ජීවිතය මදකට අමතක කර දමා නව සොයාගැනීම්වලින් යුතු ආයුර්වේද නිෂ්පාදන හඳුන්වාදීමට වෛද්‍යවරියක වන ඉමාෂා උඩවත්ත කටයුතු කළාය. මේ ඇය තම නව නිෂ්පාදනයන් පිළිබඳ සඳහන් කර සිටියේ මේ අයුරිනි.

මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ආයුර්වේද ශිෂ්‍යාවක් වෙලා ඉන්නකොට තමයි මේ වැඩ කටයුතු පටන් ගත්තෙ. එතකොට මට නිවාඩු තිබුණේ සති අන්තේ විතරයි. ඒක නිසා මට නිෂ්පාදන වැඩ කටයුතු කරන්න සිද්ධ උවුණේ කෙටි දවස් ගාණකින්. පවුලේ අය මගේ වැඩ කටයුතුවලට උදවු කරා. කැම්පස් අවුට් උනාම සම්පුර්ණයෙන්ම මේ ව්‍යාපාරයට මම කාලය යොමු කරන්න පටන් ගත්තා.

මේ වෙනකොට මගේ නිෂ්පාදන විදියට හර්බල් පවුඩර් තියෙනවා, යකි නාරං , හීන් බෝවිටිය, තෙඹු, පොල්පලාවලින්. ඒවගේම මල්වර්ගවලින් වදමල්, නිල්කටරෝඩු, නෙළුම්මල්, රෝසමල්වලින් වගේම පලතුරු වර්ගවලින්, කුළුබඩු වර්ගවලින් මගේ නිෂ්පාදන තියෙනවා. මම ඒ කියපු නිෂ්පාදනයන්ට අමතරව හෙයා ඔයිල්, ෆේස් ක්‍රීම්, බොඩි ස්ක්‍රබ්, ලිප් බාම්, ෂැම්පු , කන්ඩිෂනර් වගේම ඊට අමතරව හර්බල් ටී එකක් තියෙනවා. තේ කොළවලට වියළපු මල්වර්ග පලතුරු වර්ග එකතු කරලා තමයි ඒක නිෂ්පාදනය කරලා තියෙන්නෙ. ගොඩදෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි ඔයා කොහොමද මේ නිෂ්පාදන කරන්න ඉගෙන ගත්තේ කියල. ගොඩක් වෙලාවට මම යූටියුබ් එකේ ගියපු නිෂ්පාදන විධික්‍රම ගැන අධ්‍යනයක් කරා. ඒ වගේම ගූගල් එකේ ඕන තරම් තියෙනව නොමිලේ කරන්න පුළුවන් පාඨමාලා මොනවද කියල. ඒවා මම ෆලෝ කරා. ආයුර්වේද නිෂ්පාදන, සබන් ෂැම්පු, කන්ඩිෂනර් හදන්න මම පාඨමාලාවක් කරා පවුද්ගලික ආයතනයක . ඒකෙන් ගත්ත දැනුම තමයි ඒ නිෂ්පාදන කරන්න ඉවහල් වුණේ.

ඒ උනාට dehydration කරන්න මම පාඨමාලාවලට සම්බන්ද වුනේ නෑ. ඔන්ලයින් වලින් තමයි මේ හැමදෙයක්ම ඉගෙන ගත්තේ.

මේවගේ දෙයක් කරනකොට මතුවෙන ගැටලුවලින් එකක් තමයි අමුද්‍රව්‍ය සොයා ගැනීම.හර්බල් පවුඩර් වලට අවශ්‍ය කොළ වර්ග එහෙම ගමෙන්ම හොයා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම අමුද්‍රව්‍ය බෙදාහරින්නන්ගෙන් මට තවත් දේවල් මිලදීගන්න පුළුවන් . ඊට අමතරව සබන් ක්‍රීම් කන්ඩිෂනර්වලට උවමනා දේ මම ගත්තේ රසායනික නිෂ්පාදන අ‍ෙලවි කරන ඔන්ලයින් ආයතනයකින්. කොවිඩ් කාලේ අපිට යකි නාරං හොයාගන්න ඕන උන .ඒත් ඒ වැඩේ හරිම අමාරුයි.ඒක නිසා තමයි මගේ හිතට මුලින්ම ආවෙ මේ වගේ හොයාගන්න අමාරු දේවල් වලින් පවුඩර් එකක් හැදුවොත් හොදයි කියල . මුලින්ම මම මේ පැකට්ස් හදල යාළුවන්ට තමයි දුන්නේ, ඒක තමයි මගේ වෙළඳපොළ සොයා ගැනීමේ මුල්ම පියවර.ඒ අයගෙන් මේ ආරංචිය කටින් කට ගිහිල්ල වෙළඳපොල නිර්මාණය වුණේ. ඉන්පස්සේ තමයි සමාජමාධ්‍ය ජාලා හරහා බිස්නස් එක ප්‍රමෝට් කරේ. දැනට බියුටි සැලුන්වලටත් මගේ නිෂ්පාදන මම අලවිකරනවා. මේවෙනකොට දත්බෙහෙත් එකක් නිෂ්පාදනය කළත් ඒක වෙළඳපොළට යොමු කරලා නෑ. ගොඩදෙනෙක් අහන දෙයක් තමයි වෙළඳපොළ ඉල්ලුම කොහොමද කියල. මෙහෙමයි ආයුර්වේද නිෂ්පාදන කොයිතරම් තිබුණත් ආයුර්වේද වෛද්‍යවරියක් නිෂ්පාදනය කරා කිව්වම ඒ පිළිබඳ තියෙන විශ්වාශ්ය වැඩියි .

නිෂ්පාදන කරනකොට මතුවෙන තවත් ගැටලුවක් තමයි යන්ත්‍රසුත්‍ර පිළිබඳ ප්‍රශ්නය. මම මුලින්ම මිලදීගත්තේ බටපොල මැෂින් එකක්. ඒ කාලේ මැෂින් එකේ මිල රුපියල් විසිඑක්දාහයි. ඒකෙන් ලොකු වැඩක් කරගන්න බෑ. සෑහෙන වෙලාවක් යනවා. පොඩි ප්‍රමාණයක් තමයි අවසාන වශයෙන් නිෂ්පාදන විදියට එක් කරගන්න වෙන්නේ. මුල්ම කාලේ ලොකු ප්‍රශ්නයක් නැතිවුනත් සාමාන්‍ය තත්වයට කරගෙන යන කෙනෙක්ටනම් කිලෝ විස්සක මැෂින් එකක්වත් ඕන .ඒ මැෂින් එකක් ලක්ෂ දහයක්වත් වෙනවා. මේ හැමදේටම මගේ ගෙදර අය උදවු කරා . මගේ බලාපොරොත්තුව වෙන්නේ දැනට තියෙන ව්‍යාපාරය පුළුල් කරලා තවත් අයට රැකියා අවස්ථාවන් ලබා දීල ව්‍යාපාරය වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදෙන්නයි.

රජිත බස්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT