කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) විසින් කොළඹදී පැවති විශිෂ්ට සම්මාන උළෙලකදී, A R Natural Exports Lanka (Pvt) Ltd සමාගමට අයත් ප්‍රමුඛ සන්නාමයක් වන රාළ කිතුල්, පොල්, කිතුල්, තන්තු සහ තල් ආශ්‍රිත නිෂ්පාදන සහ තන්තු ආශ්‍රිත කර්මාන්ත අංශයේ කුඩා පරිමාණයේ හොඳම ජාතික කර්මාන්ත සන්නාම සම්මානයෙන් පිදුම් ලැබීය. කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ කාණ්ඩ යටතේ ශ්‍රී ලංකාවේ හොඳම සන්නාම හඳුනාගෙන, විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ජාතික කර්මාන්ත වර්ධනයට ලබාදෙන දායකත්වය සැමරීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.
රාළ කිතුල්, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, දකුණු කොරියාව, හොංකොං සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් අටක ශක්තිමත් සන්නාම පැවැත්මක් ස්ථාපිත කර ඇත. ගෝලීය වෙළඳපොළේ සිය ප්‍රවේශය පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනවල සත්‍යතාව සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට සමාගම කැපවී සිටී.
වර්ධනය වන පැවැත්ම සහ තිරසාරභාවය සඳහා ඇති කැපවීම සමඟින්, රාළ කිතුල්, කර්මාන්තයේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවමින්, අංශයේ ප්‍රමුඛ සන්නාමයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන සිටියි.
නිසංසලා කොට්ටගස්වත්ත